බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම මානසික වෛද්‍යවරයාණෝය

වෛද්‍යවරු කායික වෛද්‍යවරුය (ශරීරගත ලෙඉට වෙදකම් කරන්නෝය) මානසික වෛද්‍යවරුය (සිතේ හට ගත් ලෙඩට වෙදකම් කරන්නෝය) යි කොටස් දෙකකින් යුත්ත ය. එසේ ම රෝග ද කායික රෝගය, මානසික රෝගය යැයි කොටස් දෙකකින් යුත්ත ය.

‘‘මහණෙනි, රෝගයෝ දෙදෙනකි. කායික රෝගය, මානසික රෝගය කියා. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හළිහක්, පනහක් ඇතැම් විට සියයක් නිරෝගීව වසන අය සිටිත්. එහෙත් මානසික රෝගවලින් (හිතේ ලෙඩින්) එක මොහොතක් නො පෙළී – පීඩා නො විඳ සිටින අය රහතන් වහන්සේ ලා හැර වෙන සොයා ගැනීම දුෂ්කර ය. (දිස්සන්ති භක්ඛවෙ සත්තා කයිකෙන රොගෙන එකංපි වස්සං ආරෝග්‍යං පටිජානමානා දේවපි වස්සසානි ආරෝග්‍ය‘ පටිජානමානා – – පෙ – වස්ස – තංපි ආරෝග්‍යං පටිජානමානා – තෙ භික්ඛවෙ සත්තා දුල්ලහා ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තංපි ආරොග්‍යං පටිජානාති අඤ්ඤත‍්‍ර ඛීණාසවෙහි – අංගුත්තර නිකාය – වතුක්ක නිපාත – රෝග සූත‍්‍රය)

ඉහත සඳහන් තෙවැදෑරුම් වෛද්‍යවරුන් අතර බුදුන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකි. සිතේ ලෙඩවලට බෙහෙත් කිරීමට බුුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. ස්වකීය හිතේ ලෙඩ – මානසික රෝග සියල්ල ම මුලිනුපුටා දැමූ උන්වහන්සේ එ බඳු රෝග ඇති ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සුවපත් කළහ.

බුදුරදුන්ට පෘථග්ජන සියල්ලන්ම පෙනී ඇත්තේ පිස්සන් මෙනි. (උම්මත්තකා වියහිසබ්බේ පුුථුජ්ඡුනා දිස්සන්ති) බොහෝ දෙනා සිරුරින් නිරෝගී වුවත් සිතින් රෝගීහු වෙති බුදුමු මිනිසා ගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හැඳින ගෙන රෝග නිදානය හොඳින් වටහා ගෙන එයට සුදුසු ඖෂධ දුන් හ. එබැවින් උන්වහන්සේ සේල නමැති බමුණා, ‘‘බමුණ, මම සම්බුද්ධ වෙමි. එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍යවෛද්‍යවරයා ද වෙමි’’ යි පැවසූහ. (සොහං බ‍්‍රහ්මණ සම්බුද්ධො සල්පකත්තො අනුත්තරෝ – සුත්ත නිපාත – සේල සූත‍්‍රය)

බුදුරදුන් ගේ ශල්‍යකර්ම නම් මිනිසුන්ගේ සිත් තුළ ඇනී ඇති රාගාදී උල් ඇද දැමීම යි. තවත් තැනකදී උන්වහන්සේ භික්ෂූන් අමතා, ‘‘මහණෙනි, ධර්මඖෂධය තරම් හොඳ ඖෂධයක් වෙන නැත. එය පානය කරව්’’ (ධම්මොසධසමං නත්ථි එතං පිඛථ භික්ඛවො) යයි වදාළ හ.
‘‘මහණෙනි, වෛද්‍යවරයෝ පිතෙන් හට ගත් රෝග සුව කිරීම පිණිස, සෙමෙන් හටගත් රෝග සුව කිරීම පිණිස, වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේවන ලබා දෙති.
‘‘මහණෙනි, මම ද ආර්ය විරේවන දෙන්නෙමි. ඒ විරේවන නිසා ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්. ජරාව මරණය ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් හා මරණයෙන් මිදෙත්. සෝක, විලාප, දුක්, දොම්නස්, උපායාස ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ඒවායින් මිදෙත්. (තිකච්ඡුකා භික්ඛවෙ විරෙවනං දෙන්ති පිත්තසමුට්ඨානනංපි ආබාධනං පටිඝාතාය. සෙම්හසමුය්්‍යානනංපි අබාධනං පටිඝාතාය අහං ව ඛො භික්ඛවෙ ආරියං විරෙවනං දෙසිස්සාමි. යං විරෙවනං සම්පජ්ඡුාති, ඒව නො විප්පජ්ඡුති. යං විරෙචනං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතිය පරිමුච්චන්ති. ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති සොකපරිදෙව දුක්ඛ දොමනස් සුපායාස ධම්මා සතතා සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති – අංගුත්තර නිකාය – දසම නිපාත – සඤ්ඤාවග්ග – 108 පිටුව)
මහණෙනි, වෛද්‍යවරු පිතෙන්, සෙමෙන්, වාතයෙන් හටගත් රෝගවලට වමනය කරවත්. මහණෙනි, මම ද ආර්ය වමන කරවන්නෙමි. ඒ වමනයෙන් ජාතිය, ජරාව, මරණ, ශෝක, පරිදේව, දුක්, ද්‍රෙම්නස්, උපයාස ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඒවායින් මිදෙති. (තිකිච්ජකා භික්ඛවෙ වමනංදෙන්ති පිත්තසෙම්හස මුට්ඨානනංපි ආබාධනං පටිඝාතාය, අහං වෙව ඛෙ භික්ඛවෙ අරියං වමනඊ දෙස්සාමි – අංගුත්තර නිකාය – දසම නිපාත – සඤ්ඤාවග්ග – 1028 පිටුව)

ඉහත සඳහන් කළේ බුදුරදුන් මිනිසුන් ගේ සිත් තුළ පවත්නා කෙලෙස් උල් ගල්වා දමන ශල්‍ය වෛද්‍යවරයෙකු බවත් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, ද්‍රෙම්නස් විරේවනයෙන් හා වමනයෙන් සුවපත් කරන වෛද්‍යවරයෙකු බවත් ය. තවත් තැනක දී බුදුහු බමුණකු අමතා,
‘‘බමුණ මම දහම් දෙසුව මැනව’යි කරණ ඉල්ලීම් පිළිගැනීමට සුදුසු හැම කල්හි ධර්ම දානය සඳහා සේව අත් ඇති, පශ්වමශරීරය දරන්නා වූ, උතුම් වෛද්‍යවරයෙක්මි. රාගාදි කෙලෙස්මුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්මි’යි කී හ. (අහමස්මි භික්ඛවෙ බ‍්‍රහ්මණො යාවයොගො. සද්‍ර පයතපාණි අන්තිමදොහධරො හිසක්කෝ සල්ලකත්තා – ඉතිවුත්තක – චතුක්ක නිපාත)

මහණෙනි, කැමැති කැමැති පරිදි ධර්ම දානය කරණ නිසා ඉල්ලීමට සුදුසු වූ, හැම කල්හි ධර්ම දානය සඳහා දිගු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ, සසර දුක් නමැති රෝගයනට පිළියම් කරණ නිසා උසස් වෛද්‍යවරයෙන් වූ රාග, දෝස, මෝහ ආදි උල් මුලිනුපුටා දමන හෙයින් ශල්‍යකර්තෘවෛද්‍යවරයෙක් වූ මම වනා හි බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්ථ වශයෙන් බ‍්‍රහ්මණයෙක්මි. මහණෙනි, තෙපි වනාහි ඒ මා ගේ මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින් මුඛයෙන් උපන්, ශාසනධර්මයෙහි උපන් හෙයින් ‘‘ධර්මජ වූ, ධර්මයෙන් ම නිර්මිත වූ ධර්ම ද්‍රයාද කොට ඇති, ආමිසය ද්‍රයාද කොට නැති, ඖරස පුත‍්‍රයෝ ය. (අහමස්මි භික්ඛවෙ බ‍්‍රහ්මණො යාචයොගො සදා පයතපාණි අන්තිම දෙහධරො අනුත්තරෝ භිසක්කො සල්ලකත්තො තස්ස මෙ තම්හෙ පුත්තා ඔරසා මුඛතො ජාතා, ධම්මජා, ධම්මනිමිත්තා ධම්ම දායාද්‍ර නො ආමිසදායාදා – ඉතිවුත්තක පාලි – වතුක්ක නිපාත – බ‍්‍රහ්මණ සූත‍්‍රය)

බමුණන් මහ බඹුගේ මුඛයෙන් උපන්නේ යැයි කියන්නාක් මෙන්, භික්ෂූන් බුදුන් වහන්සේගේ ධර්මය නැමැති මුඛයෙන් උපන් බවත් තමන් වහන්සේ ක්ලේශ රෝග නිවාරණය කරණ බැවින් ශ්‍රේෂ්ඨත ම වෛද්‍යවරයකු බවත් භික්ෂූන්ට ඇති උසස් ම ද්‍රයාදය ‘‘ආමිසදායාදය නො ව ධර්මද්‍රයාදය ’’ බවත් ඉහත සඳහන් පාලි පාඨයෙන් දැක්වේ.

බුදුරදුන් මිනිස් සිත්හි ඇති අප‍්‍රමාණ රෝග අතර රෝග 44ක් සල්ලෙඛසුත‍්‍රයෙහි දක්වා තිබේ. ඒ චෛතික රෝග 44 සහ ඒවාට බෙහෙත් මෙසේ ය.
රෝගය බෙහෙත
1 අනුන්ට හිංසා කිරීම – අනුන්ට හිංසා නොකිරීම හෙවත් අවිහිංසාව
2 සතුන් මැරීම – සතුන් නොමැරීම
3 අනුන් සතු දේ ගැනීම – අනුන් සතු දේ නො ගැනීම
4 කාමයෙහි වරදවා හැසිරීම – කාමයෙහි වරදවා නොහැසිරීම
5 බොරු කීම – ඇත්ත කීම
6 කේලාම් කීම – කේලම් නොකීම
7 පරුෂ වචන කීම – පරුෂ වචන නොකීම
8 නිෂ්ප‍්‍රායෝජන වචන කීම – නිෂ්ප‍්‍රයෝජන වචන නො කීම
9 අනුන් ගේ දේ ගැන ඇති අශාව – අනුන් ගේ දේ ගැන ආශා නොකිරීම
10 නරක සිත් ඇති බව – නරක සිත් නැති බව
11 වැරැදි සහිත දර්ශනය – නිවැරැදි දර්ශනය
12 වැරැදි අකුසල සංකල්ප – නිවැරැදි කුසල් සිතුම් පැතුම්
13 වැරැදි වචන කතා කිරීම – යහපත් වචන කතා කිරීම
14 වැරදි කර්මාන්ත කිරීම – නිවැරදි කර්මාන්ත කිරීම
15 වැරැදි ජීවිකාව – නිවැරැදි ජීවිකාව
16 වැරැදි සිහිය – නිවැරැදි සිිහිය
17 වැරැදි ව්‍යායාමය – නිවැරැදි ව්‍යායාමය
18 වැරැදි සමාධිය – නිවැරැදි සමාධිය
19 නරක ක‍්‍රියාකොට කළේ හොඳ යැයි සිතීම – යහපත් නුවණ ඇති බව
20 වැරැුදි විමුකිතිය – නිවැරැදි විමුක්තිය
21 ථිනම්ද්ධයෙන් මඩනා ලද බව – පහ වූ ථිනමිද්ධ බව
22 උඩඟු බව – නිහතමානී බව
23 සැක ඇති බව – නිසැක බව
24 කිපෙන සුළු බව – නොකිපෙන සුළු බව
25 බද්ධ වෛර ඇති බව – බද්ධ වෛර නැති බව
26 ගුණමකු බව – ගුණමකු නො වූ බව
27 යුගග‍්‍රාහ ඇති බව – යුගග‍්‍රාහ නැති බව
28 ඊෂ–්‍යාවන්තකම – ඊෂ–්‍යාව නැති බව
29 මසුරු බව – මසුරුකමක් නැති බව
30 මායා ඇති බව – මායා නැති බව
31 කෛරාටික බව – කෛරාටික කමක් නැති බව
32 තද බව – තදකමක් නැති බව
33 මානාධික බව – මාන්නය නැති බව
34 අකීකරු බව – කීකරු බව
35 පාපමිත‍්‍රයන් ඇති බව – කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව
36 ප‍්‍රමාද බව – අප‍්‍රමාද බව
37 සැදැහැ නැති බව – සැදැහැ ඇති බව
38 ලජ්ඡුා නැති බව – ලජ්ඡ ඇති බව
39 පවට බව නැති බව – පවට බිය ඇති බව
40 ඇසූ පිරූ තැන් නැති බව – ඇසූ පිරූ තැන් ඇති බව
41 කුසීත බව – ආරබධවීය ර්‍්‍ය ඇති බව
42 සිහි මුලා බව – සිහි නුවණ ඇති බව
43 මෝඩ බව – නුවණ ඇති බව
44 තම අදහස ම දැඩි කොට ගත් බව – තම අදහස ම දැඩි කොට නො ගත් බව

ඉහත සඳහන් රෝග වෙත් ක්ලේශ 44 සිත ප‍්‍රධාන කොට සිතෙහි ඇති වන ඒවා යි. සිතට වාල් වීම නිසා මනා ව පිහිටුවා නො ගැණීම නිසා මිනිස් සිතේ ඇති වන දුර්වලකම් ය. සිත පිළිබඳ හැම රෝගයකට ම හොඳ බෙහෙත බුදු දහම යි. ඒ බෙහෙත සොයා ගත් වෙන මහතා බුදු හාමුදුරුවෝ යි.

‘‘මහරජ, බුදුන් වහන්සේ විසින් සොයා ගන්නා ලද ඖෂධයෝ රාශියක් වෙති. බුදුහු ඒ බෙහෙත්වලින් දෙව්මිනිසුන්ට පිළියම් කරති. ඒ බෙහෙත් නම්, සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක් ප‍්‍රධානයෝ ය, සතර සෘධිපාදයෝ ය, පඤ්ව ඉන්ද්‍රියෝ ය. පඤ්ව බලය, සප්ත බෙජ්ඣංගය, ආර්ට අෂ්ටාංගික මාර්ග ය, යන මොහු ය. මේ ඖෂධවලින් භගවත් කෙමේ මිත්‍යාදෘෂ්ටිය, මිත්‍යාසංකල්පය ආදිය විරේවනය කර හරියි. සියලූ කෙලෙස් වමනය කොට හරියි. ( ඔසධානි මහාරාජ භගවතා අක්ඛාතානි යෙහි ඔසධෙහි සො භගවා දෙවමනුස්පෙ නිතිචඡුති: සෙය්‍යථිදං – චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරෝ ඉද්ධිපාද්‍ර, පඤ්චින්ද්‍රියානි, පඤ්ව බලානිථ සත්ත බොජ්ඣංගා, ආරියො අග්ඨංගිකො මග්ලෝ, එතෙහි ඔසධෙහි භගවා මිච්ඡුාදිඨං විරෙවති, විච්ඡුා සංකප්පවිරෙවති සම්බකිලෙසවමනං කරොති – මිලින්ද පඤ්භ – අනුමාන වග්ග – 200 පිටුව)

කිසාගෝතමිය තම එකම පුතා මැරුණු විට රටේ ම සිටින වෙදුන් ගෙන්වා ප උපද්දවා ගන්නට නොහැකි වූ තැන අන්තිමට ගියේ මහා වෙදමහතාණන් වූ බුදුරදුන් ළඟට ය. මළ පුතාට පණ උපද්දවා දෙන්ට ගෙණෙන්නට කියූ අබ මිට ඇයට සොයා ගන්නට බැරි විය. ඇයට බුදුරදුන් ගෙන එන්ට කීවේ නැති බෙහෙතකි. මළ පුතාට පණ උපද්දවා ගන්නට යත්න දැරූ මව රෝගියෙකි, ඇය රෝගියකු නිස යි එසේ බලාපොරොත්තු වූයේ. එ බැවින් ම බුදුහු මළ මිනියට නො ව ජීවත් ව සිටි ඇයට ඇගේ මානසික රෝගයට බෙහෙත් කොට නැවත එ වැනි රෝගයක් නොවැළඳෙන නිරෝගික බවට පත් කළ හ.

බොහෝ ශාරීරික රෝගවලට පවා මනස හේතු වී ඇති බව වර්තමාන වෛද්‍යවරයෝ කියති. බුදුහාමුදුරුවෝ හැම කරුණකට ම ප‍්‍රධාන සිත බව මීට අවුරුදු 2500කට පෙරදී සොයා ගත් හ. සිත හා සිතිවිලි පිළිබඳ ව උන්වහන්සේ විග‍්‍රහ කොට ඇති දීඝ විස්තරය ගැන සලකා බලන විට බුදුරදුන් මානසික වෛද්‍යවරයෙකු පමණක් නො ව මනෝ විද්‍යාඥයෙකු ද බව මොනවට ඔප්පු වේ.

බුද්ධත්වය යනු මනස දියුණු කර ගැනීම පිළිබඳ ව මිනිසෙකුට ලැබිය හැකි අන්තිම උසස් තැන යි. නිර්වාණය යනු එ සේ මනස දියුණු කරගත් තැනැත්තා ලබන අති උත්තම ලෝකෝත්තර තත්ත්වය යි. මෙ තෙක් ලොව උපන් මානසික වෛද්‍යවරු අතර හෙවත් සිත පිළිබඳ රෝගවලට වෙදකම් කරන වෙදමහතුන් අතර ලෙඩුන් ඉතා ම වැඩි සංඛ්‍යාවක් බෙහෙත් ගත් වෛද්‍යවරයා බුදුන් වහන්සේ යි. මානසික ලෙඩුන් ඉතා ම වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිකාර කොට සුව කළ වෛද්‍යවරයා බුදුන් වහන්සේ යි.
බුදුන් වහන්සේ භික්ෂූන්ගේ කායික රෝගවලට නියම කළ බෙහෙත් ගැන ‘‘මහවග්ග පාලියෙහි, හෙසජ්ජක් බන්ධකයෙහි’’ සඳහන් වෙයි. වනයෙහි වසන භික්ෂූන්ට විෂකුරු සර්පයන්ගෙන් නොයෙක් විට අනතුරු පැමුණුනේ ය. සර්ප විෂය මළ මුත‍්‍ර, උණු අළු හා මැටි යන ‘‘මහාවිකට හතර’’ අනුදැන වද්‍රළ හ. පාණ්ඩුවට ගව මුත‍්‍රයෙහි දැමූ අරළු ද, උදර වාතාබාධයට ලූණු කාඞී ද, ග‍්‍රහණියට බත්කාරම් ද, වසක් පෙවුණ විට අසූචි දියකර පෙවී ම ද, වණයක් හැදුන විට අබ කුඩු එළීම ද, ඇඟ දහඩිය ගැන්වීම සඳහා සෙවදකර්මය ද, ඇස් ලෙඩට අඳුන් ගෑම ද, ඇඟ කැසීමට ගොම මැටි හා තම්බා ගත් කහට කුඩු ද, නොයෙක් බෙහෙත් සඳහා වලඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුලූ, නෙල්ලි, කකුුරුමුවන් වැනි පළා වර්ග ද, මූ¥ ලූණු, කලූ ලූණු, සිඳි ලූණු, බළල් ලූණු ආදි ලූණු වර්ග ද, කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මෑල්ල කොළ, කපු කොළ, වැනි කොළ වර්ග ද, කහ, ඉඟුරු, වදකහ, හෙළ වදකහ, අතිවිඩයං, කටුකරෝසන, සැවැන්දරා, කලාඳුරු වැනි මුල් වර්ග ද, වලස් තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල් වැනි තෙල් වර්ග ද, හන්දි රුද්‍රව සඳහා ලේ ඇරීම ද, කකුල් පැලීම නවත්වනු පිණිස පය තෙල් ගැල්වීම ද, තුවාල සඳහා කහට වතුර ද, ඉනා බෙහෙතක් කැවුණ විට නගුලෙහි හීවැලේ ඇළුනුමඩ ජලයෙන් දියකර පෙවීම ද, මස්දලූව ලූණු කැටයකින් කැපීම ද, වණයට දුම් ඇල්ලීම ද, නස්‍ය කිරීම ද, වැනි ප‍්‍රතිකාර හා ඖෂධ රාශියක් භික්ෂූන්ගේ රෝග සඳහා බුදුහු අනුදැන වද්‍රළ හ.

උන්වහන්සේ සිය දහස් ගණන් ශ‍්‍රාවක පිරිස සමග ගම් නියම්ගම්, දනව් හා මහා වනාන්තරවල සැරිසරණ නිය බෙහෙත් ද්‍රව්‍ය රැුගෙන හෝ වෛද්‍යවරුන් සමග හෝ නොවැඞීය හ. භික්ෂුනමකට අසනීපයක් වූ විට අවස්ථාවේ හැටියට පිළියම් කළ හ. එබැවින් බුදුන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකු පමණක් නො ව කායික වෛද්‍යවරයෙකු හැටියට ද සැලකිය හැකි ය.

පණ්ඩිත ගණේගම සරණංකර නාහියන් විසින් රචිත ‘‘බුදුහාමුදුරුවෝ’’ කෘතියෙන් උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor