
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය ප්‍රකාරව, දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවර තෙන්නකෝන් මුදියන්සේලාගේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2019.04 10 දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ප්‍රකාශ පත්‍රය අත්සන් කරන ලදී.
දකුණු පළාත් සභාව විසුරුවා හැරීම සමග සක්‍රීය තත්ත්වයේ පවතින පළාත් සභා වන්නේ බස්නාහිර සහ ඌව පළාත් සභා පමණකි. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අපේ්රස් 20 වැනිදා අවසන් වීමට නියමිතය.