ලෝක කුසලාන සංචිතයට දක්ෂයින් රැසක් හඳුනා ගත්තා – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්

මැයි 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩකයින් තෝරා ගැනීම අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ‘‘සුපිරි පළාත් එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දී පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයින් කිහිප දෙනකු වෙත තම ප‍්‍රමුඛ අවධානය යොමුව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉහළ නිලධාරියෙක් ‘ලංකා ඊ ප්‍රෙස්’ සමග පැවසීය.

සුපිරි පළාත් එක් දින ක‍්‍රිකට් තරගාවලියේ පසුගිය දිනවල පැවැති තරගවලදී සාර්ථක පිතිකරුවන් වූ ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අශාන් ප‍්‍රියන්ජගේ, ෂෙහාන් ජයසූරිය සහ සංගීත් කුරේ වැනි ක‍්‍රීඩකයින් කෙරෙහි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ දැඩි අවධානයක් යොමු වී ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

මෙම තරග නිමා වීමෙන් පසු ලබන සතිය අවසාන වන විට ලෝක කුසලානයට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කිරීම සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor