
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග සොයා බලා නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කරන්නැයි ඉල්ලා විදුලිබල ඇමැති රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක, මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම්, නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමැති සාගල රත්නායක යන ඇමැතිවරුන් ඇතුළත් වන බව වාර්තා වේ.