
ලෝකයේ විශාලත ම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය වශයෙන් සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය අද (11) ආරම්භ වේ. මැයි මස 19 වැනිදා දක්වා පුරා දින 38ක් පැවැත්වෙන මෙම මැතිවරණය සඳහා ඡුන්දය දීමට ඡුන්දදායකයෝ මිලියන 900ක් සුදුසුකම් ලබා සිටිති. තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 543කි.
මෙම මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් අනාවැකි පළකර ඇති ඉන්දීය මාධ්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය මෙවර ද ජයග්‍රාහකයා වනු ඇතැයි කියයි. රාහුල් ගාන්ධි මෙවර ද කොන්ග්රස් පක්ෂයට නායකත්වය දෙන අතර ඔහුගේ සොහොයුරිය මේනකා ගාන්ධි ද සහායට පැමිණ සිටී. එහෙත් මෙවර ද රාහුල්ට හෝ මේනකාට ජනමතය කෙරේ දැඩි බලපෑමක් කිරීමට නොහැකි වනු ඇති බව ඉන්දීය මාධ්‍යවල නිරීක්ෂණයයි.