බීමත් රියැදුරන්ට දඩ කොළ නෑ කෙළින්ම උසාවි

බීමතින් රිය ධාවනයේ යෙදෙන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට 20 වැනි දා දක්වා සමස්ත ශ‍්‍රී ලංකාවම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිස් මධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

බීමතින් සිටින බවට සැකකරන රියැදුරන් දඩ කොළ ලබාදීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා, තමන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බීමතින් රිය ධාවනය කිරීමෙන් වැළකී සිටින ලෙස ද රියැදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ 2019 වසරේ පළමු මාස තුන තුළ බීමතින් රිය ධාවනයේ යෙදෙමින් සිටි පුද්ගලයින් 19,242 දෙදෙනකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

Recommended For You

About the Author: Editor