ජනපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියකට මෛත‍්‍රී යළි සැරසෙයි

2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බවට තමන්ට වාර්තා වන බව ‘‘රාවය’’ පුවත්පත කියයි.

2019 අපේ‍්‍රල් 14 දිනැති රාවය පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය වන්නේ මෙම පුවතයි.
එහි මෙසේ ද සඳහන් වේ.

‘‘රාවයට දැනගන්නට ලැබෙන පරිදි ඉන් එක් සැලසුමක් වන්නේ එජාප ආණ්ඩුවට ගිය ශ‍්‍රීලනිප පිරිස ද එජාප පිරිසක් ද එක්කර ගෙන 113ක බහුතර බලය පෙන්වා ආණ්ඩුව වෙනස් කිරීමය. එවැනි අවස්ථාව අරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයෙන් තවත් මන්ත‍්‍රීවරුන් කිීප දෙනකු ද, මුස්ලීම් කොන්ග‍්‍රසයේ මෙන්ම සමස්ත ලංකා මුස්ලීම් කොන්ග‍්‍රසයේ සහාය ද ලබා ගත හැකි වනු අතැයි ඇතැම් උපදේශකයින් ජනපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් 26 දින අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කරන අවස්ථාවේදී ද එජාපයේ පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය දීමට පොරොන්දු වී කිබූ බව එජාප ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේය. මෙවර ද ජනාධිපතිවරයා එජාපය නියෝජනය ඇමැති අමාත්‍යවරුන් වර්ණනා කරමින් කතා කරන ආකාරය ද නිරීක්ෂණය කළ හැක.

ජනාධිපතිවරයාගේ අනෙක් සැලැස්ම වී ඇත්තේ ජනාධිපති ධූර කාලය වන අවුරුදු 05 පිරීම, 19 වන සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දිනය වන 2019 මැයි 15 වැනිදා සිට ගණන් බැලිය යුතු බවට නව අගවිනිසුරු පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමය. එසේ අර්ථ නිරූපණයක් ලැබුණහොත් ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවුරුදු හතරහමාරේ කාල සීමාව වන 2020 මාර්තු එළඹෙන්නේ ජනපති ධූැ කාලය අවසන් වීමට පෙරය.

Recommended For You

About the Author: Editor