යළිත් ජනපති වීමට මෛත‍්‍රී කිසිසේත් සුදුසු නෑ – ඇමැති අජිත් පී. පෙරේරා

යළිත් වරක් ජනාධිපතිවීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කිසිදු අයුරකින් හෝ සුදුසු නොවන බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඊයේ (11) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහකසුකම් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

ඇමැති අජිත් පී පෙරේරා මෙසේ ද සඳහන් කළේය.
‘‘එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට ජනාධිපතිවරයා කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා එතුමාට අවස්ථාව තිබෙනවා. එසේ වුවත් කිසිම විටෙක එක්සත් ජාතික පක්ෂයෙන් නම් ඔහුට යළිත් ජනාධිපති අපේක්ෂක ධූරයක් ලබා ගැනීමට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම තමයි, වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනිදා අවසන් වන බව පැහැදිලි කරුණක්ව තිබියදී, ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට යන්නේ ජනතාව අතර කුතුහලයක් ඇති කිරීම සඳහා යි’’

මෙහිදී ඇමැති අජිත් පී පෙරේරා මහතා පවසා සිටියේ නව අගවිනිසුරුවරයා පත් වීමෙන් පසුව එම මත විමසීම සිදුකරන බවට දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කිරීම තුළින් අධිකරණයට බලපෑමක් සිදුකර ඇති බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකකම ඉල්ලූවොත් දෙන්නෙත් නෑ, ගන්න දෙන්නෙත් නෑ, එතුමා නැවත ජනාධිපති වෙන්න සුදුසු නෑ’’ යනුවෙනි.

Recommended For You

About the Author: Editor