වැඩිහිටි දීමනාව කප්පාදු නොකොට ඒය ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

වැඩිහිටි දීමනාව කප්පාදු නොකොට ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තංගල්ල කුඩා විහාරයේදී පැවතිපුණ්‍යෝත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ 33 වන ජන්ම දිනය නිමිත්තෙන් තංගල්ල කුඩා විහාරයේ පැවති ධානමය පුණ්‍යකර්මයක් සිදු කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව මාධයවේදීන් ඇසූ ප්‍රශ්නවලට විපක්ෂනායකවරයා මෙලෙස පිළිතුරු සැපයී ය.

“මේ රජය වැඩිහිටි දීමනා කැපීම පිළිබදව අහන්න ලැබුණා. ඒ වගේම ලැබෙන මුදල තැපැල් කන්තෝරැවට ඇවිත් ගන්න ඕනි. ඒකට රුපියල් 200 ක් විතර යනවා. ඉතිං ග්‍රාමසේවක මගින් මේ මුදල ලබාදෙන්නැයි කියන ඉල්ලීම තමයි මම කරන්නෙ. ආණ්ඩුව එක පැත්තකින් කපනවා මේ අයට මේ වියදම දරා ගන්නත් බෑ. අන්තිමට ඉතුරු වෙන දේකුත් නෑ.”යැයි පැවසී ය.

Recommended For You

About the Author: Editor