සුඩාන ජනපති නෙරපා දමා හමුදාව බලය අල්ලයි

වසර 30කට ආසන්න කාලයක් දැඩි මර්ධනකාරී පාලනයක් ගෙන ගිය සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් ඊයේ (11) ජනපති ධූරයෙන් නෙරපා දැමූ බවත් ඒ සමග ඔහු අත්අඩංගුවට ගත් බවත් සුඩාන ආරක්ෂක ඇමැති අවාද් ඉබින් හවුස් නිවේදනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

බෂීර්ගේ පාලනයට එරෙහිව එරට ජනතාව පසුගිය දින කිහිපය පුරාම දැවැන්ත විරෝධා සංවිධානය කළේය. මෙම විරෝධතාකරුවන්ට දුන් සහායක් ලෙස රජයේ හමුදා ජනපතිවරයා ධූරයෙන් නෙරපා දමා ඒ සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ජනපතිවරයා ධූරයෙන් නෙරපා හැරීම සමග හමුදාවේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන අන්තර්වාර සභාවක් හරහා රට පාලනය කිරීමට ද මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor