
සිංහල දෙමළ අලුත් අවුරුදු කාල සීමාවේ අධිවේගී මාර්ගය භාවිත කරන වාහන සංඛ්‍යාව එක් ලක්ෂ දස දහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
මේ නිසා අධිවේගී මාර්ගවල හුවමාරු ආශ්‍රිතව ඇති විය හැකි වාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ද ඕපනායක මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව පැයකට හුවමාරු මධ්‍යස්ථානවලින් පිටකරන වාහන ප්‍රමාණය 300ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.