
2019 අප්‍රේල් මස 14 දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.
පුත්තලම සිටකොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කන්කසන්තුරය සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.