ජාතිය සමෘද්ධිමත් කළ එක්සත් ජාතික පක්ෂය දැවැන්ත සංවර්ධනයක් උරුම කර දුන් JR යුගය

03 වන කොටස

එක්සත් ජාතික පක්ෂය බිහි කළ වර්ණවත්ම දේශපාලන නායකයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන සැලකිය හැකිය.

රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදී සර් ඞී.බී ජයතිලක ආදි ජාතිමාමක බුද්ධිමතුන් සමග ද නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අගමැති ඞී.එස් සේනනායක ආණ්ඩුවේ මුදල් ඇමැතියරයා වශයෙන් ද ඩඩිලි හා සර් ජෝන් කොතලාවල ආණ්ඩුවල බලවත් ඇමැති පදවි දරමින් ද දැවැන්ත දේශපාලන පෞරුෂයක් ප‍්‍රකට කළ ජේ. ආර් ජයවර්ධන ජාත්‍යන්තර දේශපාලන තලයේදී ශ‍්‍රී ලංකාවේ අභිමානය ඉහළට ඔසවා තැබීමට පියවර ගත්තෙකි. මීට ඉහත සඳහන් කළ ‘කොළඹ ක‍්‍රමය, සැන්ප‍්‍රැන්සිස්කෝ දේශනය’ ජේ.ආර්ගේ ජාත්‍යන්තර දේශපාලන භූමිකාවේ සැමරුම් කිහිපයකි.

ජේ.ආර්. ජයවර්ධන යනු එජාපය වෙනුවෙන් දැවැන්ත වගකීමක් මෙන්ම අභියෝගයන් රැුසකට මුහුණ දුන් අයෙකි. එජාපයට ආණ්ඩු බලය අහිමි වූ 56 – 60, 60-65, 70-77 යන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සමයන්දි පක්ෂය රැුක ගනිමින් එජය යළි ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට ජේ.ආර් ජයවර්ධන මහත් කැපවීමක් හා මෙහෙයක් කළේය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගල් යුගයට තල්ලූ කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික සන්ධානයට දැවැන්ත දේශපාලන පරාජයක් හිමිකර දෙමින් 1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 6/5 ක බලයනක් දිනාගන්නා ජේ.ආර්. ජයවර්ධන ශ‍්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සමාජ සංවර්ධනයේ ආශ්චර්යයමත් යුගය ආරම්භ කරන්නේ 1978 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ‘විධායක ජනාධිපති’ පදවියට පත්වීම සමගිනි.

ජේ.ආර්. ජයවර්ධන මහතා සාම්ප‍්‍රදායික වේස්ට්මිනිස්ටර් ආකෘතියෙන් බැහැරව යමින් ඒ වන විට ලෝකයේ දැඩි අවධානය දිනාගෙන තිබූ විධායක ජනාධිපති ක‍්‍රමය වෙත ගමන් කරන්නේ රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කිරීමට නම් කැබිනට් ක‍්‍රමයට වඩා විධායක ජනාධිපති ක‍්‍රමය වඩාත් ප‍්‍රායෝගික හා කාර්යක්ෂම බව තහවුරු කරමිනි.

නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකය

1977 දී බිහි වූ ජේ.ආර්. ජයවර්ධන පාලනයේ ආර්ථික උපාය මාර්ගය වන්නේ ඒ වට විට ලෝකයේ වඩාත් වැඩි අවධානයක් දිනාගෙන තිබුණා වූ ද විශ්මිත ආර්ථික හා සමාජ සංවර්ධන ප‍්‍රතිලාබ ජනතාව වෙත ලබා දෙමින් තිබුණා වූ ද ‘ධනවාදී වෙළෙඳ පොළ ආර්ථික ක‍්‍රමයයි.

ඇමෙරිකාවේ රොනල්ඞ් රේගන්, මහා බි‍්‍රතාන්‍යයේ මාගර්ට් තැචර්, ජර්මනියේ හෙල්මුට් කෝල් ආදීන්ගේ පිටුබලය මත ඒ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පැවැති විවෘත ආර්ථික ක‍්‍රමය දකුණු ආසියාවේ ප‍්‍රථමයෙම් වැළඳගත් රට බවට ලංකාව පත්විය.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වූ ‘ආනයන ආදේශනය’ හේතුවෙන් රට තුළ පැවැති දැවැන්ත පාරිභෝගික භාණ්ඩ හිඟය ( පෝලිම් යුගය ) නිමාවට පත් කර ආර්ථිකය විවෘත කිරීමට ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව කඩිනම් පියවර ගැනීම පාර්භෝගික ජනතාවගේ පාර්ශ්වයෙන් දැවැන්ත සහනයක් වූවා සේම ඒ හරහා යළිත් දේශීය ධනපති පන්තියක් නිර්මාණය කිරීමට ශක්තිමත් අඩිතාලමක් වැටුණේය.

විශේෂයෙන් ග‍්‍රාමීය හා අර්ධ නාගරික ආර්ථිකයේ කොඳු නාරටිය වශයෙන් සැලකිය හැකි ‘සිල්ලර වෙළෙඳුන් ’ බිහිවීම මේ හරහා සිදු වූ ඍජු ආර්ථික හා සමාජ සංවර්ධනයක් වශයෙන් සැලකිය හැකිය.

1956 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් ජනසතු කරනු ලැබූ බස් කර්මාන්තයට යළි පණ දෙමින් පුද්ගලික බස් රථ කර්මාන්තය බිහිවීම හරහා ක්ෂණිකව මගී ප‍්‍රවාහනයේ දැවැන්ත දියුණුවක් සිදුවූ අතර දේශීය අභිමානයට ජාත්‍යන්තරයවට ඔසවා තැබූ ‘ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම’ ස්ථාපිත කිරීම ද ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිදු වූ තවත් සුවිශේෂ සංවර්ධන භූමිකාවක් වශයෙන් සැලකිය හැකිය.

නිදහස් වෙළඳ කලාප

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාශික සන්ධානයේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් 1977 වන විට ලංකාවේ දැවැන්ත විරැුකියාවක් පැවති අතර ග‍්‍රාමීය ප‍්‍රදේශවල එය අති විශාල අගයක් ගත්තේය. රජයේ කර්මාන්ත ශාලා වල හා රාජ්‍ය සේවා අංශයේ රැුකියා සියල්ල පාක්ෂිකයින්ට පමණක් හිමිවීම හේතුවෙන් උගත් තරුණ තරුණියන් අතර විරැුකියාව ද ඉතා ඉහළ අගයක් ගත්තේය.

විරැකියාවට විසඳුම් සෙවීම කඩිනම් අවශ්‍යතාවක් වශයෙන් වටහාගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඒ සඳහා සුදුසුම ක‍්‍රමෝපායව වශයෙන් හඳුනා ගත්තේ ඒ වන විට ජාත්‍යන්තර ශ‍්‍රම වෙළෙඳපොළ තුළ ප‍්‍රමුඛ අවදානයක් දිනාගත්තේ ‘නිදහස් වෙළෙඳ කලාප’ බිහිකිරීමයි. මේ හරහා රාජ්‍ය ප‍්‍රාග්ධන සම්පාදනයෙන් තොරව අති විශාල රැකියා ප‍්‍රමාණයක් සම්පාදනය කළ හැකි වනවා පමණක් නොව රටේ දැවැන්ත අභියෝගයක්ව පැවැති ග‍්‍රාමීය සංවර්ධනයට ද තිරසර විසඳුමක් ලබාදිය හැකි බවට රජය විශ්වාස කළේය. ඊට අමතරව ඇඟළුම් අපනයන හරහා විදේශ විනිමය ලබා ගැනීම, නවීන තාක්ෂණය හා කළමනාකරණ ක‍්‍රමෝපායන් ලබාගැනීම ද රජයේ අවදානයට යොමු විය.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් ‘නිදහස් වෙළෙඳ කලාපය’ ප‍්‍රතිපත්තිය 1978 දී ක‍්‍රියාවට නංවන අතර ඒ සඳහා වන ආයතනික යාන්ත‍්‍රණය වශයෙන් ‘ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය’ ස්ථාපිත කළේය. මුල්ම නිදහස් වෙළෙඳ කලාපය කටුනායක ද දෙවැන්න බියගම ද ස්ථාපිත කළ අතර කොග්ගල, මීරිගම, හොරණ, ආදි වශයෙන් ලංකාවම ආවරණය වන පරිදි ආයෝජන කලාප පිහිටුවීමට එජාප ආණ්ඩුව පියවර ගත්තේය.

නිදහස් වෙළෙඳ කලාප හරහා විරැකියාවට කඩිනම් හා තිරසර විසඳුම් ලැබුණ අතර ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප‍්‍රමුඛතම අංශය බවට නිදහස් වෙළෙඳ කලාප හරහා සිදුවන ඇඟළුම් අපනයනය පත්විය. වර්තමානයේ පවා ලංකාවේ ශ‍්‍රම වෙළෙඳපොළ තුළ වැඩිම රැුකියා අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් හා වැඩිම විදේශ විනිමය ප‍්‍රතිශතයක් උපයාදීමෙන් නිදහස් වෙළෙඳ කලාප ආර්ථික හා සමාජ සංවර්ධනය තුළ සුවිශේෂ භූමිකාවක් ඉටු කරන ආකාරයක් දැකිය හැකිය.

මීට අමතරව නිදහස් වෙළෙඳ කලාප හරහා දේශීය ඇගළුම් නිෂ්පාදකයින් ද බිහිවූ අතර ඔවුන් වර්තමානයේ දී මෙරට ඇඟළුම් අපනයන කර්මාන්තයේ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කරන ආකාරයක් දැකිය හැකිය.

කඩිනම් මහවැලිය

ඞී. එස්. සේනානායක යුගයේ දී කෘෂි කාර්මික සංවර්ධනය සහ වියළි කලාපය සංවර්ධනය සඳහා ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාරය 1977 දී බිහිවූ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී වඩාත් සංක‍්‍රීය හා තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරමින් ‘බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ’ බවට පත්විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කර, ඉබිගමනින් යමින් තිබූ ‘මහවැලි ව්‍යාපාරය’ දැවැන්ත සංවර්ධන කාර්යයක් වශයෙන් ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යාමට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව පියවර ගත්තේය. ඒ අනුව මහවැලි ව්‍යාපාරය ‘කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය’ බවට මේ යුගයේදී පත්විය.

රජරට ප‍්‍රමුඛ වියළි කලාපයේ කෘෂි කාර්මික සංවර්ධනය සඳහා පියවර ගැනීම මෙන්ම 1977 විවෘත ආර්ථිකය හරහා බිහි වෙමින් පැවැති දැවැන්ත නාගරික හා කාර්මික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය විදුලි බලය සම්පාදනය කිරීම ප‍්‍රමුඛ අරමුණ කරගත් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය භාරවූයේ එක්සත් ජාතික පක්ෂයේ වර්ණවත් දේශපාලන නායකයෙකු වූ ‘ගාමිණි දිසානායක ’ මහතාටය. ජාතික සංවර්ධනය කෙරෙහි මනා දැක්මක් සහිත නායකයෙකු වූ ගාමිණි දිසානායක මහතා ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ පමණක් නොව සමස්ත ජාතියේම සංවර්ධන සිහින සැබෑ කරමින් අපේක්ෂිත අයුරින්ම මහවැලි ව්‍යාපාරයට නායකත්වය දුන් අතර ශ‍්‍රී ලංකායේ කෘෂි හා කාර්මික සංවර්ධනයේ ගාමක බලවේගය බවට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය පත්විය. පසුගිය කාලයේ ගල් අඟුරු තාප බලාගාර පිහිටුවන තෙක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය විදුලි බල සම්පාදනයේ ප‍්‍රධාන භූමිකාව මහවැලි පංචමහා ජලාශ තුළ ස්ථාපිත ජල විදුලි බලගාර මගින් සැපයුණේය. එමෙන්ම සහල් ඇතුළු කෘෂි නිෂ්පාදනවලින් බහුතර ප‍්‍රතිශතයක් මහවැලි කලාප අසුරින් ලැබුණු අතර ග‍්‍රාමීය සංවර්ධනයේදී එය සුවිශේෂ හා ප‍්‍රබල භූමිකාවක් දරන්නේය.

ජේ. ආර්. ජයවර්ධන යුගයේදී නිදහස් වෙළෙඳ කලාප හා මහවැලි ව්‍යපාරය මගින් සිදු වූ සේවයට නොදෙවැනි සේවයක් ආර්ථිකයේ තවත් අංශ ගණනාවක සිදුවිය. ඇතැම් දේශපාලන විචාරකයින්ට අනුව ජනපති ජේ. ආර්. ජයවර්ධන තම කෘතහස්ත දේශපාලන නායකත්වය හා දැක්ම මගින් සමස්ත ක‍්‍රියාවලියට නායකත්වය දෙන විට ඔහුගේ ආශිර්වාදය අනුව යමින් ඇමැතිවරුන් විසින් ද රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය ව්‍යුහය තුළ කැපී පෙනෙන පරිවර්තනයක් කරනු දැකිය හැකිය. ඒ අතර ඉහකින් සඳහන් කළ කඩිනම් මහවැලියට සංවර්ධන ව්‍යාපාරයට නායකත්වය දුන් ගාමිණි දිසානායක එක් වර්ණවත් එජාප නායකයෙකු පමණි.

එජාප ආණ්ඩුවල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ පක්ෂ නායකයා ( අගමැති / ජනපති * පමණක් නොව ඇමැතිවරුන් ද නිදහස් හා නිර්මාණශීලී ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙමින් ජාතික සංවර්ධනය සඳහා සුවිශේෂ නායකත්වයක් ලබාදීමයි. එය ඞී. එස් සේනානයක යුගයේ සිට අඛණ්ඩව ක‍්‍රියාත්මක වන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගය වර්ණවත් කළ දේශපාලන නායකයින් රැුසකි. ඒ සියලූ දෙනාම තම තමන්ගේ විෂය පථය යටතේ ජාතික සංවර්ධනය සඳහා සුවිශේෂ මෙහෙවරක නිරත වූ ආකාරය පැහැදිලිව හඳුනාගත හැකිය.

ජේ.ආර්. ජයවර්ධන යුගයේ ආර්ථික හා කාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුවන විට දුගී දුප්පත් ජනතාව කෙරෙහි ද ආණ්ඩුවේ ප‍්‍රමුඛ අවධානය යොමුවිය. ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාය. ලෝකයේ දුගී ජනතාවගේ නිවාස ගැටලූ විසඳීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ අති සාර්ථකම වැඩපිළිවෙළ වශයෙන් සැලකෙන ‘ගම්උදා ව්‍යාපාරය’ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක විය. ‘සැමට ගෙවල්’ යන තේමාව යටතේ ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන මගින් රටපුරා උදාගම් බිහිකළ අතර ‘නිවස දශ ලක්ෂයේ’ සිහිනය සැබෑ කර ගැනීම එහි අරමුණ විය.

ගම්උදා ව්‍යාපාරය විසින් වාර්ෂිකව ලංකාවේ එක් ප‍්‍රදේශයක් තොරා ගෙන ගම්උදා උළෙලක් පැවැත් වූ අතර ඒ හරහා එකී ග‍්‍රාමීය ප‍්‍රදේශවල දැවැන්ත සංවර්ධන කාර්යයක් සිදුවිය. උදාහරණ වශයෙන් බුත්තල,
මිහින්තලේ දැක්විය හැකිය. රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් දියත් කළ උදාගම් ව්‍යාපාරයට ජාත්‍යන්තර අවධානය කොතරම් යොමුවූවාද යත් 1987 ‘ජාත්‍යන්තර නිවාස වසර ’ ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගත්තේය. පේ‍්‍රමදාස මහතාගේ උදාගම් ව්‍යාපාරයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් ජාතික භාණ්ඩාගාරයට බරක් නොවී සොයා ගත් ආකාරයයි. ‘සෙවණ’ ලොතරැුයිය හරහා ( ඔබට මුදල් – රටට ගෙවල් * මෙම මුදල් සොයාගත් අතර එය ශ‍්‍රී ලංකිකයින්ට නැවුම් අත්දැකීමක් ද විය.

ආර්. පේ‍්‍රමදාස මහතා ග‍්‍රාමීය දිළිඳු ජනතාවගේ නිවාස ගැටලූ විසඳන අතරතුර නාගරික නිවාස ගැටලූ විසඳීම සඳහා ද සාර්ථික ප‍්‍රවේශයක් ගත්තේය. ඒ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ස්ථාපිත කළ නිවාස සංකීර්ණ හරහාය. ජයවඩනගම, රද්දොළුගම, මාළිගාවත්ත, මත්තේගොඩ ආදි නාගරික නිවාස සංකීර්ණ හරහා රාජ්‍ය සේවකයින් ඇතුළු නාගරික ජනතාවගේ නිවාස ගැටලූ සඳහා තිරසර විසඳුම් ලැබුණේය.

ආර්. පේ‍්‍රමදාස මහතා උදාගම් ව්‍යාපාරය හරහා දුප්පතුන්ගේ දුප්පත්කම පිටුදැකීමට පියවර ගන්නා අතර එක්සත් ජාතික පක්ෂය ලංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් තවත් දැවැන්ත සමාජ මෙහෙවරක් ක‍්‍රියාත්මක කළේය. ඒ ලංකාවේ සියලූම පාසල් දරුවන්ට පාසල් පෙළපොත් නොමිලේ ලබාදීමයි. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීම කන්නන්ගර මහතා විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ කූඨප‍්‍රප්තිය වශයෙන් සැලකිය හැකිය. මේ මගින් පෙළපොත් නොමැතිව පාසල් යාමට නොහැකි වූ ලක්ෂ සංඛ්‍යාත දරුදැරියන් පිරිසකට අධ්‍යාපන වරම් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයේ වඩාත්ම වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් නායකයෙකු වශයෙන් ලලිත් ඇතුළත්මුදලි මහතා සැලකිය හැකිය. එජාප ආණ්ඩුවේ ආරක්ෂක, වෙළෙඳ හා නාවික ඇමැතියවරයා වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සංකල්පයක් අනුව ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදෙන ‘මහපොළ ශිෂ්‍යත්ව ක‍්‍රමය’ ‘මහපොළ ’ අරමුදල හරහා ක‍්‍රියාත්මක විය. මෙමගින් සරසවි සිසුන් සඳහා ප‍්‍රමාණවත් දීමනාවක් ලබාදුන් අතර එය දිළිඳු හා අඩුඅදායම්ලාභී පවුල්වල සරසවි සිසුසිසුවියන්ට ආශිර්වාදයක් විය.

මහපොළ ශිෂ්‍යත්වය සඳහා අවශ්‍ය අරමුදල් ‘සංවර්ධන ලොතරැුයිය ’ හරහා උපයා ගැනීමට ඇතුළත්මුදලි මහතා පියවර ගෙන තිබූ අතර ‘මහපොළ උළෙල ’ හරහා ද අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීමට පියවර ගත්තේය. වර්තමානයේද ලක්ෂ සංඛ්‍යාත සරසවි සිසුන් පිරිසයක් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ක‍්‍රමය ක‍්‍රියාත්මක වන අතර එය ජාතික භාණ්ඩාගාරයට කිසිඳු බරක් නොවී සංවර්ධන ලොතරැුයිය් මගින් උපයා ගැනීමට ලලිත් ඇතුළත්මුදලි මහතා නිර්මාණශීලීවිය.

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ද කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළ තවත් වර්ණවත් නායකයෙකු වශයෙන් වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සැලකිය හැකිය. නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා වශයෙන් ද පසුව ‘යෞවන කටයුතු හා රැුකී රක්ෂා ඇමැතිවරයා’ වශයෙන් ද කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයා ද විය.
ජේ.ආර් ජයවර්ධන යුගය මෙරට තරුණ ප‍්‍රජාව කෙරෙහි ප‍්‍රබල ධනාත්මක බලපෑමක් කළේය. නිදහස් වෙළෙඳ කලාප හරහා තරුණ රැුකියාවට තිත තබන විට නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමේ වැඩපිළිවෙළ දියත්විය. ඒ හරහා අධ්‍යාපනය ලැබූ දහස් සංඛ්‍යාත දිළිඳු දරුවන් සරසවියට පිවිසෙන විට මහපොළ ශිෂ්‍යත්වය හරහා ඔවුන්ට තවත් දිරියක් ලබාදීමට ආණ්ඩුවට හැකිවිය.

එජාප ආණ්ඩුව මෙතැනින් නොනැවතුණේය. යෞවන කටයුතු ඇමැතිවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ද ආර්. පේ‍්‍රමදාස, ගාමිණි දිසානයක හා ලලිත් ඇතුළත්මුදලි යන මාවත යමින් නිර්මාණශීලී වූ ජාතික වැඩසටහන් රැුසක් මගින් ජාතික සංවර්ධනය වේගවත් කළේය.
ජාතික තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ එක්සත් ජාතික පක්ෂ යුගයේ ඇමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේදීය. ජාතික තරුණ සේවා සභාවේ කීර්තිමත්ම සභාපතිවරයා වශයෙන් සැලකෙන චරිත රත්වත්තේ මහතාගේ නායකත්වය යටතේ ‘යොවුන් පුරය’ ආදී විවිධ
වැඩසටහන් ක‍්‍රියාත්මක වූ අතර නිර්මාණශීලී තරුණයින් විශාල පිරිසකට තම කලා හැකියාවන් එළිදැක්වීමට ද තරුණ සේවා සභාව හරහා අවස්ථාව උදාවිය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සිටියදී ක‍්‍රියාත්මක කළ ‘අධ්‍යාපන විද්‍යා පීඨ ’ ක‍්‍රමය සැලකෙන්නේ මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය වැඩිදියුණු කළ සුවිශේෂ පියවරක් වශයෙනි. උසස් පෙළ සරසවි ප‍්‍රවේශය නොලබන, එහෙත් වැඩි ලකුණු ලබාගත් සිසුසිසුවියන්ට ගුරු වෘත්තියට පිවිසීමට විධිමත් ක‍්‍රමවේදයක් නිර්මාණය කරමින් ක‍්‍රියාත්මක වූ අධ්‍යාපන විද්‍යා පීඨ හරහා විධිමත්ව පුහුණුව ලැබූ ගුරු පරපුරක් ජාතියට එක්විය.

1977-94 එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලන කාලය තුළ ශ‍්‍රී ලාංකිකයින්ට උරුම වූ සුවිශේෂ දායාදයක් වශයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය සැලකිය හැකිය. කොළඹ කේන්ද්‍රියව පැවැති සංවර්ධනය ගමට ගෙන යාමේ එජාප ප‍්‍රතිපත්තිය අනුව යමින් ශ‍්‍රී ලංකායේ පරිපාලන අග නගරය ලෙස ශ‍්‍රී ජයවර්ධනපුරය සංවර්ධනය කිරීමට එජාපය උනන්දුවිය. ඒ අනුව කොළඹ කොටුවේ පැවැති පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කෝට්ටේ වෙත විතැන් කළ අතර ඒ සමග රටේ පරිපාලන කේන්ද්‍රස්ථානය බවට ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පත්විය. වර්තමානයේ රාජ්‍ය පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකිය හැකි ‘සෙත්සිරිපාය, ඉසුරුපාය ’ ආදිය පත්විය.

එක්සත් ජාතික පක්ෂය තම පාලන කාලය තුළ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරන ආකාරයක් නිරන්තරයෙන් දැකිය හැකිය. 1977 න් ආරම්භ වූ ජේ.ආර් ජයවර්ධන යුගයේදී ද එය ඒ ආකාරයෙන්ම සිදුවිය. රුහුණු විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය මේ යුගයේදී ආරම්භ වන අතර යාපනය සරසවියේ වෛද්‍ය පීඨය ස්ථාපිත කරන්නේ ද මේ යුගයේදීය.

ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය හා සංහිඳියාව විනාශ කරන ජනවාර්ගික අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත් වූයේ මේ යුගයේදීය. විවෘත ආර්ථිකය සමග වේගවත් සංවර්ධන ගමනක් කරා තිරසර මාවතක ගමන් කරමින් තිබූ ශ‍්‍රී ලංකාව මේ සමග දැවැන්ත අර්බුදයකට ලක්වූවේය.

1983 කලූ ජූලිය හරහා මෙරට ජනවාර්ගික අර්බුදය නිමාවක් දැකිය නොහැකි අති සංකීර්ණ මාවතකට යොමු වූ විට එය පාලනය කිරීම සඳහා එජාපය හැකි සෑම ප‍්‍රයත්නයක් ම ගත්තේය. ඒ අනුව 1985 දී ‘තිම්පු සාකච්ඡුා ’ හරහා මෙරට ජනවාර්ගික ගැටලූවට තිරසර විසඳුමක් සෙවීමට ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුව උත්සාහා ගත්තේය. එහෙත් එය අසාර්ථව ගිය අතර ඒ වන විට ප‍්‍රබල බෙදුම්වාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ සංවිධානය තම ප‍්‍රහාර වේගවත් කළේය. මේ තත්ත්වය හමුවේ ත‍්‍රස්තවාදයට නොබියව මුහුණදීම සඳහා එජාප ආණ්ඩුව ‘වඩමරච්චි මෙහෙයුම’ දියත් කළේය.
මේ සමග ඉන්දීය රජයේ මැදිහත්වීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙත ප‍්‍රබල ආකාරයෙන් එල්ල විය. වඩමරච්චි මෙහෙයුම අතර මග නතර කර බෙදුම්වාදී සංවිධාන සමග ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගැනීමට එජාපය පියවර ගත්තේය.

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලූවට සාර්ථක විසඳුමක් ලෙසින් ඉදිරිපත් වූ ‘ඉන්දු – ලංකා ගිවිසුම’ මෙහි කූඨප‍්‍රා්ප්තිය විය. ඒ හරහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ‘පළාත් සභා ක‍්‍රමය’ ස්ථාපිත කිරීමට ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව පියවර ගත්තේය. එය මේ දක්වා මෙරට ජනවාර්ගික ගැටලූව විසඳීමට ඉදිරිපත් වූ සාධනීය හා එකම ප‍්‍රායෝගික ප‍්‍රවේශය වශයෙන් සැලකිය හැකිය. මෙම ගිිවිසුම සමග එල්ටීටීඊ සංවිධානය හැර සෙසු සියලූ බෙදුම්වාදී සංවිධාන ආයුධ අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වූ අතර එය එසේ නොවුණා නම් ලංකාවේ දේශපාලන සිතුවම මීට වඩා බොහෝ සෙයින් අඳුරු වීමට ඉඩ තිබුණේය.

රටම ගිනි ගනී- සංවර්ධනය අඩාල වෙයි

උතුරේ වාර්ගික ගැටුම් උත්සන්න වීම සමග දකුණේ දේශපාලන අර්බුදය වඩාත් උග‍්‍ර අතට පත්වුණේය. ඉන්දු ලංකා ගිවිසුම සමග ලංකාවට පැමිණි ‘ඉන්දීය සාම සාධක හමුදාව’ ඉලක්ක කර ගනිමින් ‘ඉන්දීය විරෝධයක් ’ මත ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ සන්නද්ධ අරගලයක් දියත් කළේය. දැවැන්ත ආණ්ඩු විරෝධයක් සමගින් දියත් වූ මෙම සන්නද්ධ අරගලය රටේ ජාතික සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාල කළේ බිලියන ගණනක රාජ්‍ය දේපොළ හා දස දහස් සංඛ්‍යාත තරුණ ජීවිත රටට අහිමි කරමිනි.

උතුරේ බෙදුම්වාදය සහ දකුණේ තරුණ කැරැුල්ල එක්සත් ජාතික පක්ෂය විසින් 1977 සිට ඉදිරියට ගෙන ආ දැවැන්ත සංවර්ධන ගමන සම්පූර්ණයෙන් අඩාල කළ අතර රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන් කිරීමට ලක් කළේය. මේ සමග සංචාරක ව්‍යාපාය ආදි නැඟී ගෙන ආ සියලූ සංවර්ධන ව්‍යාපෘති බිඳ වැටී ජාතික ආර්ථිකය හා සමාජ ජීවිතය අඩාල වුණේය.


04 වැනි කොටස ලබන සතියට
සැකසුම : ප‍්‍රසන්න ධම්මික විතානගේ

Recommended For You

About the Author: Editor