
ගත වු පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එම කාලය තුළ රථවාහන නඩු 6,651ක් ද ලබා ගෙන තිබේ.
ඉකුත් 11වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ලබා ගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 26,425 කි. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් ලබන 20වනදා දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.