අධික ලෙස වෙහෙස වන අවුරුදු ක‍්‍රීඩාවලදී ප‍්‍රවේශම් වන්න – සෞඛ්‍ය අංශ

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය සමග අලූත් අවුරුදු සමයේ පැවැත්වෙන අලූත් අවුරුදු ක‍්‍රීඩා උත්සවවලදී ආරක්ෂිත පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

මෙහිදී කොළඹ හදිසි අනතුරු අංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ පවතින වියළි කාලගුණය සමග දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් හදිසි කම්පන තත්ත්වයන් ඇති වී බරපතළ සෞඛ්‍ය අනතුරුවලට ලක්විය හැකි බවයි. මෙහිදී හැකි තාක් සෙවණට වී කාලය ගත කළ යුතු බව ද ඇය අවධාරණය කළාය.

‘‘මෙම සමයේ අවුරුදු උත්සවවල බහුලව පවත්වන, මැරතන් ධාවන තරග ආදි අවදානම් ක‍්‍රීඩාවලදී හැකිතාක් සෞඛ්‍යාරක්ෂිත පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අධික ලෙස වෙහෙස වන, හිරු එළියට නිරාවරණය වන ක‍්‍රීඩාවලදී දැඩි ලෙස ප‍්‍රවේශසම් වීම අතිෂයින් වැදගත් ’’යැයි ද ඇය අවධාරණය කළාය.

Recommended For You

About the Author: Editor