
ගින්නෙන් විනාශයට පත් ප්‍රංශයේ නෙතොද්රම් දේවස්ථානය යළි පෞරාණික ස්වරූපයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රංශ ජාතික ධනකුවේරයින් දෙදෙනකු විසින් යුරෝ මිලියන 300ක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙන බව ප්‍රංශ මාධ්‍ය කියනවා.
ඒ අනුව බර්නාඞ් ආර්නෝල්ඞ් විසින් යුරෝ මිලියන 200ක් ද, ෆ්රැන්ක්පෝඞ් හෙන්රි විසින් යුරෝ මිලියන 100ක් ද ලබාදීමට නියමිතයි.
ප්‍රංශයේ හදවත මෙන් සැලකෙන නෙතොද්රම් දේවස්ථානයේ ගින්නට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මේ වන විට පත්කර තිබෙන බව ද ප්‍රංශ මාධ්‍ය සඳහන් කරනවා.