
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවේ ඇගයීමට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාව අද ප්‍රංශයේ පැරිස් නුවරදී රැුස් වූ බව වාර්තා වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී වුණා.
ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ සභාපතිවරයා සහ විධායක කමිටු සාමාජිකයා වන්නේ අධ්‍යාපන ඇමැතිවරයායි.
මෙවර යුනෙස්කෝ විධායක සභාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අගය කිරීමට ලක් වූ බවයි එහි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
විධායක සභාව ආරම්භ කරමින් කතා කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරිය, කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ අධ්‍යපනය, මාධ්‍ය නිදහස සහ අන්තවාදයට එරෙහිව ගෙනයන සටන ගැන අදහස් පළ කළා.
21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණදීම හා අධ්‍යාපනය හැදෑරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡ වී තිබෙනවා.