
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරඟය කඩුළු 05කින් ජය ගැනීමට ‘‘මුම්බායි ඉන්දියන්ස්’’ කණ්ඩායම ඊයේ (15) සමත් වුණා.
මුම්බයි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැුකීමට තීරණය කළ අතර පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ දී කඩුළු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. එහිදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව 71ක්.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමකට නිතරත වූ ලසිත් මාලිංග ලකුණු 31කට කඩුළු 04ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19ක දී ලකුණු 172ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ලසිත් මාලිංගයි.