2019 යල කන්නයට අඩු මාස් වී වගා කරන්න උපදෙස්

2019 යල කන්නය ආරම්භක සමයේ දී වාර්තා වන වියළි කාලගුණ තත්ත්වය අඛණ්ඩව පැවැතිය හැකි බැවින් මෙවර යල කන්නයේදී අඩු කාලයකදී අස්වැන්න නෙළා ගත හැකි වී වර්ග පමණක් වගා කිරීමට අවධානය යොමු කරන ලෙස ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

එහි මාධ්‍ය සම්බන්ධීකාරක සනත් එම්. බණ්ඩාර මහතා ‘‘ලංකා ඊ ප්‍රෙස්’’ වෙත ප‍්‍රකාශ කළේ, වී වගාවට අමතරව එළවළු සම්බන්ධයෙන් ද ඉහත කී තත්ත්වය අදාළ වන බවයි.

‘‘එළවළු වගාව වර්ෂාව ආරම්භයත් සමග සිදු කළ යුතුයි. ඉදිරි මාස කිහිපය තුළ දැඩි වර්ෂාපතනයක් ඇති නොවිය හැකි බවට මේ වන විට අනාවැකි පළකර තිබෙනවා. ඒ නිසා වී ගොවී සංවිධාන ‘‘බෙත්ම ක‍්‍රමය’’ අනුගමනය කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඊට හේතුව තමයි බෙත්ම ක‍්‍රමය යටතේ ජල මූලාශ‍්‍ර ආසන්නයේම භූමිය බෙදා ගෙන වගා කරන නිසා අඩු ජල ප‍්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකියි’’

Recommended For You

About the Author: Editor