
ආගමික සංහිඳියාවට හානි කළ බව කියන ඉන්දීය ප්‍රබල දේශපාලනඥයින් තිදෙනකුගේ ප්රචාරක කටයුතු ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ඊයේ තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
උත්තර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී අමර්තනාත්, බහුජන සමාජ පක්ෂයේ නායිකා මායාවතී සහ භාරතීය ජනතා පක්ෂයේ අමාත්‍යවරියක වන මේනකා ගාන්ධිට මෙම තාවකාලික තහනම පනවා තිබෙනවා. ඒ අනුව අමාත්‍ය යෝගට පැය 72ක් ද, මයාවතීට සහ මේනකා ගාන්ධිට පැය 48 බැගින් ද මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.