
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව පසුව පිටුවහල් කරන ලද පුද්ගලයින් හය දෙනකු අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව ගුවන් තොටුපොළ පොලීසිය සඳහන් කරනවා.
මෙම පිරිස සමග නිලාන් රොමේෂ් සමරසිංහ නම් මධූෂ්ගේ ඥාති සහෝදරයෙකු ද සිටින බවයි ගුවන් තොටුපොළ පොලීසිය සඳහන් කරන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත් සැකකරුවන් අතර,
මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ. රූපදාස සයිමන් හේවගේ.