මහියංගණය මැදි විදුහල අසල මාරක රිය අනතුරකින් 10ක් මරුට

අද (17) අළුයම 1.30ට පමණ මහියංගනය – බදුල්ල මාර්ගයේ මහියංගණය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දී වෑන් රථයක් සහ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ලා එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනකු මියගොස් ඇති බව මහියංගණය පොලීසිය කියයි.
වෑන් රථයේ රියැදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් අතර 7 දෙනකු වැඩිහිටි පුද්ගලයින් බව ද 03 දෙනකු ළමුන් බව ද කියන මහියංගණය පොලීසිය මළ සිරුරු මහියංගණය රෝහලේ තැන්පත් කර ඇති බව ද සඳහන් කරයි.

දියතලාව සිට ත‍්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති අතර වෑන් රථය බස් රථය තුළට ඇදී ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පුද්ගලයින් 12 දෙනකු ගමන් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව මහියංගණය පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor