මාලිංග හැලෙයි – ලෝක කුසලාන නායකත්වය දිමුත් කරුණාරත්නට

මැයි මස 30 වැනිදා එංලගන්තයේදී ආරම්භ වන ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. දිමුත් කරුණාරත්නගේ පත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දුගේ ද අනුමැතිය හිමිවී තිබෙනවා.

ලසිත් මාලිංග

එක්දින කණ්ඩායමේ නායකත්වයට දිමුත් පත් කිරීම සමග බොහෝ දෙනකු අපේක්ෂා කළ ලසිත් මාලිංග සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළ වෙමින් තිබෙනවා. මීට පෙර ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලසිත් පවසා තිබුණේ තමාට නායකත්වය නොලැබුණහොත් තමා ක‍්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි. මේ අනුව ලසිත් බොහෝ විට ක‍්‍රිකට් පිටියෙන් සමුගනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත් කළත් සංචිතය නම් කිරීම දින කිහිපයක් පමා වනු ඇති බවයි.

ශ‍්‍රී ලංකා සංචිතය පවා තෝරා ගැනීමට නොහැකිව අර්බුදයකට ලක්ව සිටියදී අද එංගලන්තය ද තම ලෝක කුසලාන කණ්ඩායම නම් කළා. ඒ අනුව ලංකාව හැර ලෝක කුසලානයට සහභාගී වන සියලූම රටවල් තම කණ්ඩායම් මේ වන විට නම් කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor