
වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා කුමන්ත්‍රණය කිරීමට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අද (17) බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිටියා.
‘‘වත්මන් ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කිරීම අවශ්‍ය නැහැ. ඒත් මේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා අපි හැම විටම සූදානමින් සිටිනවා’’ රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
මේ අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ජනමාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි අවසන් තීරණය ගන්නේ ඒකාබද්ධ විපක්ෂය සමග සිටින සාමාජික පක්ෂ සියල්ල සමග සාකච්ඡුා කිරීමෙන් පසුව බවයි.
‘‘ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා’’ යැයි විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියා.