ඉන්දුනීසියානු මැතිවරණ අවසන්

ඉන්දුනීසියාවේ මීළඟ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව සහ ප‍්‍රාදේශීය නියෝජිතයින් තොර් පත්කර ගැනීම සඳහා ඊයේ (17) පැවැති මැතිවරණය සාර්ථකව අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මැතිවරණය සඳහා ඡුන්ද දායකයින් මිලියන 192ක් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුුදුසුකම් ලබා සිටි අතර තෝරා ගැනීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව 245,000ක් බවයි ඉන්දුනීසියානු මාධ්‍ය පවසන්නේ. ඒ අනුව එක් දිනක් තුළ පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය වශයෙන් ඉන්දුනීසියානු මැතිවරණය සැලකෙනවා. (මිලියන 900ක් පමණ ඡන්දය භාවිත කරන ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අවසන් වීම සඳහා මාසයකට අධික කාලයක් ගත වෙනවා)

මෙම මැතිවරණයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ඉන්දුනීසියාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා තෝරා ගැනීම ද මෙම මැතිවරණය මගින් ම සිදුවන නිසයි.

මෙවර ඉන්දුනී්සියාවේ පවතින්නේ ද්වන්ධ සටනක්. එය සිදුවන්නේ වත්මන් ජනාධිපති ජොකෝ විඩෝඩෝ සහ හිටපු හමුදා ජනරාල්වරයෙකු වන ප‍්‍රාබෝවෝ සුඛිආන්ටෝ අතරයි.

මේ වන විට ගණනය කර ඇති ඡන්වලින් වත්මන් ජනපතිවරයා සියයට 55ක් පමණ ලබා ගෙන ඇති බවත්, සමස්ත මැතිවරණ ජයග‍්‍රහණය ඔහුට හිමිවනු ඇති බවත් ඉන්දුනීසියානු මාධ්‍ය පවසන අතර මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵල නිකුත් වීම මැයි මාසයේදී සිදුවනු ඇති බව ද ඉන්දුනීසියානු මාධ්‍ය සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor