
වීඩියෝ ක්‍රීඩා ලෝලීන් අතර මහත් කතාබහට ලක්ව තිබෙන Tik Tok වීඩියෝවේ සංස්කරණ මෘදුකාංගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දියානු අධිකරණයක් ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.
එම අමාත්‍යාංශය විසින් අදාළ නියෝගය ඇපල් සහ ගුගල් සමාගම්වලට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර Tik Tok වීඩියෝවට එරෙහිව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට ද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර එය ලබන 22 වැනිදා සලකා බැලීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වීඩියෝ මෘදුකංගය තහනම් කිරීමට හේතු වශයෙන්් දක්වන්නේ ඉන් ඉන්දීය සංස්කෘතියට හානි පැමිණීම, ළමා අපයෝජනවලට හේතුවක් වීම සහ අසාමාන්‍ය හැසිරීම් සමාජගත වීම ආදියයි.
මේ අතර ගුගල් සමාගම අදාළ මෘදුකාංගය ඉවත්කර ගෙන ඇති බව ගුගල් සමාගම වාර්තා කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.