කාලගුණ අනාවැකිය: පවතින ප්‍රභල අකුණු සමග වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත්

2019 අප්‍රේල් මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

පවතින ප්‍රභල අකුණු සමග වැසි තත්ත්වයඉදිරි දින කිහිපයේදීත් තව දුරටත් පවතිනු ඇත. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹපළාත්වලඇතැම්ස්ථානවලටමි.මී. 100 පමණ තද වර්ෂාපතනයක් ද උතුරු මැද පළාතෙත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැක. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

කන්කසන්තුරේ සිටපුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.

කන්කසන්තුරය සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor