පුපුරා කැබලිවී ගිය කොටස් 7000ක් එක්කර බාමියන් බුදු පිළිම යළි සැකසේ

තලේබාන් අන්තවාදීන් විසින් 2001 වසරේ මාර්තු 02 වැනි දා පුපුරණ ද්‍රව්‍ය යොදා සම්පූර්ණයෙන් ම පුපුරවා හරින ලද ඓතිහාසික බාමියන් බුදු පිළිම යළි ප‍්‍රතිසංස්කරණය කිරීමට බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයින් පිරිසක් මේ වන විට උත්සාහ කරමින් සිටිනවා.

පසුගිය දා බී.බී.සී රූපවාහිනිය වාර්තා කළ ආකාරයට තලේබාන් අන්තවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුද්ධ ප‍්‍රතිමාවලට අයත් කොටස් 7000ක් පමණ කාබුල් කෞතුකාගාරයේ ට‍්‍රන්ක පෙට්ටි කිහිපයක තැන්පත් කර තිබිය දී පුරාවිද්‍යාඥයින්ට හමුවී තිබෙනවා. මේ වන විට යළි එකට පුරුද්දමින් ප‍්‍රතිසංස්කරණය කරමින් තිබෙන්නේ එම කොටස් බව ද බීබීසීය වැඩි දුරටත් වාර්තා කරනවා.

Recommended For You

About the Author: Editor