හදිසි ජනාධිපතිවරණයක් : මෛත‍්‍රීපාලට යෝජනාවක් එයි

ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ දේශපාලන වාතාවරණය උදාවී ඇතැයි ද එම නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ සමීපතමයින් කිහිප දෙනකු උපදෙස් දී ඇති බව තමන්ට දැනගන්නට ඇතැයි ‘‘රාවය’’ පුවත්පත කියයි.


2019.04.21 දින රාවය පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂපාඨය වන්නේ මෙම ප‍්‍රවෘත්තියයි. එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාව නඩු පවරා තිබීමත්, එජාපය තු කැළඹිලි සහගත තත්ත්වයක් උදා වී තිබීමත් යන සාධක මත ඒකාබද්ධ විපක්ෂයෙන් පමණක් නොව එජාපයේ පිරිසකගේ ද සහයෝගය මේ සඳහා ලබාගත හැකි වෙතැයි ශ‍්‍රීලනිප අපේක්ෂකයෙක් සඳහන් කළේය. එජාපය තුළ ද ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පැහැදිලි තීන්දුවක් නොමැති නිසා එවැනි හදිසි ජනාධිපතිවරණයකදී රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරිපත් වීමට සිදුවීමත්. පොදුජන පෙරමුණෙන් ද වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර විපක්ෂය පරාජයට පත් කිරීමේ තීන්දුවකට එළඹීට මහින්ද රාජපක්ෂ මහතා ඉඩ ලබා නොදෙනු ඇතැයි යන විශ්වාසයත්, යන කරුණු ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද සිය තිරුපති සංචාරයට පෙර සමීප නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡුාවකදී හදිසි තීරණය පිළිබඳ ඉඟියක් ද පළ කර ඇතැයි දැන ගන්නට ඇත. ශ‍්‍රීලනිප පාර්ශ්වයෙන් ද එජාප ආණ්ඩු විරෝධී ප‍්‍රචාරයක ව්‍යාපාරයක් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡ කළ වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා රාවයට කියා සිටියේ තම පක්ෂය ඉදිරියේ දී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා ද මුණගැසී ප‍්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡුා කරන බවයි. තමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වන ‘ ’ සංවිධානය ඉදිරියේදී විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවල මෑත කාලයේදී සිදු වූ අක‍්‍රමිකතා හෙළි කිරීමට සූදානමින් සිටින බව එජානිස මහ ලේකම් මහින්ද අමරවීර මන්ත‍්‍රීවරයා පැවසීය.

Recommended For You

About the Author: Editor