ළගදීම රිදී තිරයෙන් මාව ආයෙත් ඔයාලට බලන්න පුළුවන් -පූජා උමාශංකර්

පූජා උමාශංකර් ලංකාවේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. මේ ලංකා ඊ ප්‍රෙස් ඇය සමග කළ කෙටි කතා බහක්.

ඉතිං පූජා කොහොමද මේ දවස්වල ජීවිතේ?

ඇත්තටම ගොඩක් හොදයි.මගේ කලා කටයුතු වගේම අනිත් දේවල් එක්ක ජීවිතේ සතුටින් ගෙවෙනවා.

අලුත් චිත්‍රපටයකින් අපිට ඔබව බලාගන්න පුළුවන් වෙයිද ළගදීම?

ඔව් අනිවාර්යෙන්ම,පත්තිනි සරිගම චිත්‍රපටවල සාර්ථකත්වයත් එක්ක මේ දවස්වල හොද චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒවා කියවගෙන යනවා. මම කැමති චරිත කීපයක්ම තිබුණා. ඒ අතරින් හොදම කීපයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං..මගේ රසික රසිකාවියන්ට කියන්න ඕනි ළගදීම රිදී තිරයෙන් මාව ආයෙත් ඔයාලට බලන්න පුළුවන් කියලා.

පහුගිය දවස්වල ඔබ වැඩිය දකින්න ලැබුණෙ නෑ. විශේෂ හේතුවක් තිබුණද?

නෑ විශේෂ හේතුවක් නම් තිබුණෙ නෑ. ඇත්තටම පහුගිය දවස්වල මගේ රූගත කිරීම් සහ මම හරිම ආදරෙන් ආසාවෙන් කරන සමාජ සේවා වැඩ කීපයක් එක්ක කාර්යබහුල වෙලා තිබුණා.ඒ නිසා මාධ්‍ය ඉස්සරහට ගොඩක් එන්න බැරි වුණා.ඒත් ඉස්සරහට එහෙම වෙන්නෙ නැති වේවි.

පහුගිය දවස්වල ඔබට සම්මාන කීපයක්ම ලැබුණා.ඔබ ඒ ගැන සතුටින්ද?

ඔව්…ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන.පහුගිය දවසක තිබුණා Slim Nielsen PeopleZs Award එකේ තරුණ පරපුරේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා.තව 34 වැනි කාගිල්ස් සරසවි සම්මා උළෙලේදී සරිගම චිත්‍රපටය වෙනුවෙන් හොදම නිළිය සමිමානය ලැබුණා.ඒත් එක්කම Lux Hiru Golden Film Award එකේදිත් සරිගම සහ පත්තිනි චිත්‍රපට වලට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා.ඒ හැමදේකටම වඩා මට එළියට ගියාම ගේ රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය වටිනවා.ආදරය තරමි වටින සම්මානයක් තවත් නෑ.මේ වෙලාවෙත් මම එයාලට ස්තූති කරනවා.

සටහන – මධුභාෂිණි උරේෂා

Recommended For You

About the Author: Editor