දකුණු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර පුටු සෙලවේ

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

තෙන්නකෝන් මහතාගෙන් හිස් වන ආණ්ඩුකාර ධූරය සඳහා දකුණු පළාත් හිටපු මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා පත් කරනු ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප‍්‍රධානියෙකු සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට සැලකිය යුතු දේශපාලන පසුබිමක් නොවී ම මේ සඳහා හේතු වී ඇති බව කියන දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගිය දිනවල හිටපු අමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඔහු සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීම මෙම ඉවත් කිරීම සඳහා ප‍්‍රධානත ම හේතුව වශයෙන් සැලකිය හැකි බවයි.

අසාද් සාලිත් ඉවතට ?

මේ අතර හෙට (21) නිල කාලය අවසන් වන බස්නාහහිර පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරයෙන් අසාද් සාලි මහතා ද ඉවත් කරනු ඇතැයි ඉහත සඳහන් දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. එහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට වත්මන් මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පත් කරන ලෙස ප‍්‍රබල ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද සඳහන් වේ.

Recommended For You

About the Author: Editor