
ජීවිත විශාල ගණනක් විනාශ කරමින් අද දින (21) සිදු වූ බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු මෙන් ම එහි පසුබිම මෙන් ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි පැය 24 ඇතුළත පත් කරනු ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.