අද සවස 6.00ට සිට හෙට පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය

රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා අද මධ්‍යහානයේ පැවැති ආරක්ෂක ප‍්‍රධානීන්ගේ විශේෂ රැසක්වීමේදී විශේෂ පියවර රැසක් ගත් බව ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ආරක්ෂක අංශ යොදා ගෙන දිවයිනේ සියලූම කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු වැදගත් රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති අතර අද සවස 06.00 සිට හෙට (22) උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද ජනපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ සමග සිද්ධියෙන් මියගිය සියලූ පුද්ගලයින්ගේ ආදාහන කටයුතු රජයේ වියදමින් ඉටු කිරීමට රජය තීරණය කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

ඒ සමග සිද්ධි මාලාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමට ද රජය පියවර ගෙන ඇත.

මේ මීට ස්වල්ප මොහොතකට පෙර (ප.ව 2.45ට පමණ* අතර දෙමටගොඩ ප‍්‍රදේශයේ මහවිල ගාර්ඩන්හි නිවසක් තුළ යම් පිපිරීම් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙම ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ සැකකරුවන් පිරිසක් සැඟවී සිටින බව ද සැකරුවන් කිිහිප දෙනකු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව ඇති බව ද වාර්තා වේ.

මේ අනුව පාස්කු ඉරිදා දිනය වශයෙන් සැලකෙන අද දිනයේ දිවයින පුරා ස්ථාන 08ක පිපිරීම් සිදුව ඇත.

මේ අතර අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන බව කියන සියලූම අන්තවාදී සංවිධානවලට එරෙහිව මේ මොහොතේ සිට දැඩි පියවර ගන්නා බවයි.

මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලූම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor