
කොළඹ කොච්චිකඬේ පල්ලිය තුළ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 24 දෙනකු ද මඩකළපුව ෂෙවොන් පල්ලිය තුළ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 25 දෙනකු ද මිය ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල සහ මඩකළපුව රෝහල නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය තුළින් වේගයෙන් පැතිර යමින් තිබෙන බවත් එවැනි සාවද්‍ය ප්‍රචාර සිදු කිරීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යළි යළිත් ජනතාවගෙන් සහ සමාජ මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලා සිටී.
මෙම අවස්ථාවේ හැකිතාක් සාමකාමීව කටයුතු කරන ලෙස පොලීසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 24ක් බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිසගේ මළ සිරුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.
මේ අතර මඩකළපුව ෂෙවොන් දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 10ක් ලෙස තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ මඩකළපුව රෝහලට රැුගෙන විත් ඇත.