
පාස්කු ඉරිදා ප්රහාර මාලාවේ සැකකරුවන් සොයා ආරක්ෂක අංශ දෙමටගොඩ ප්රදේශයේ සිදුකළ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුම මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ආරක්ෂක අංශ වාර්තා කරයි.
සැකකරුවන් රැඳී සිටි ගොඩනැගිල්ල පරීක්ෂාවට ලක් කිරීමට ගත් උත්සාහයේ දී සිදු වූ පිපිරීමකින් පුද්ගලියින් තිදෙනකු තුවාල ලබන්නට හෝ මිය යාමට ලක්ව ඇතැයි මුලදී විශ්වාස කළ ද මේ වන විට මිය ගොස් ඇත්තේ මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් බව හඳුනා ගෙන ඇත.
මේ වන විට සැකකරුවන් රැඳී සිටි තෙවහල් සුපිරි නිවසට ආරක්ෂක අංශ ඇතුළු වී ඇති අතර පිපිරීම සමග සිදු වූ කොන්ක්රීට් බිත්තිවලට යට වී තවත් සැකකරුවන් කිහිප දෙනකු හෝ ඔවුන්ගේ සිරුරු ඇතැයි සැක කෙරේ.