පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේ සැකකරුවන් සොයා දෙමටගොඩ ප‍්‍රදේශයේ දැවැන්ත සෝදිසි කිරීමේ මෙහෙයුමක්

පාස්කු ඉරිදා ප‍්‍රාහාර මාලාවේ සැකකරුවන් සොයා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දෙමටගොඩ මහවිල ප‍්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් මීට ස්වල්ප වේලාවකට පෙර දියත් කර තිබේ.

මෙම මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එක්තරා සැකකට යුතු නිවසක් ආරක්ෂ අංශවල අවධානයට ලක්ව ඇති අතර ආරක්ෂක අංශ විසින් එම නිවස පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තෙමහල් නිවස තුළ සැඟව සිටි බව කියන සැක කටයුතු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ සහ සැකකරුන් අතර වෙඩි හවුමාරුවක් ද සිදු වූ බවයි.

මේ වන විට දෙමටගොඩ පාලම අවට ආරක්ෂාව තහවුරු කර ඇති අතර සිවිල් වැසියන්ට සහ ජනමාධ්‍යවේදීන්ට එම ප‍්‍රදේශයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor