
අද උදෑසන පිපිරීම් සිදු වූ සියලූම ස්ථානවලින් හැකි තාක් ඈත්ව සිටිමින් පරීක්ෂණ සහ තුවාලකරුවන් ඉවත්කර ගැනීම සඳහා පූර්ණ සහාය ලබා දෙන මෙන් පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ සමග මෙම සිදුවීම් සමග සාවද්‍ය හා ප්රකෝපකාරී කටකතා සහ පුවත් පැතිර යාමට ඉඩ ඇති හෙයින් ඒවාට නොරැුවටෙන මෙන් ද එවැනි සාවද්‍ය සහ ප්රකෝපකාරී ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින මෙන්ද පොලීසිය මහජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.
කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත රැුගෙන එමින් සිටින අතර මීගමුව පිපිරීම්වලින් තුවාල ලැබුවන් මීගමුව සහ කොළඹ ජාතික රෝහල වෙත රැුගෙන එමින් පවතී.