බෝම්බ පිපිරීම් මාලාව කිසියම් කණ්ඩායමකගේ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකියි – ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන

කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අද (21) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මෙම සැකකරුවන්ගෙන් සිවු දෙනෙක් දෙමටගොඩ පිපිරීම සිදු වූ ස්ථානයෙන් ද තිදෙනෙක් දෙහිවල පිපිරීම සිදු වූ ලැඟුම් හල අසල දී ද අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම බෝම්බ පිපිරීම් මාලාව කිසියම් කණ්ඩායමකගේ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි යැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේ අද (21) පස්වරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකදී රුවන් විජයවර්ධන මහතා එසේ කීය.

මෙම බෝම්බ පිපිරීමට විදේශයක බලපෑමක් හෝ  විදේස් රටක කණ්ඩායමක බලපෑමක් තිබේද යන්න පිළිබඳව තහවුරු කරගෙන නැතැයිද ඇමැතිවරයා පැවැසීය.

යම් සිදුවීමක් ගැන බුද්ධි අංශ වාර්තා ලබාදී තිබුණා – ආරක්ෂක ලේකම්

මේ අතර එම හමුවේදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් යම් සිදුවීමක් විය හැකි බවට වාර්තා ලබාදී තිබූ බවය.

එම වාර්තාවලට අනුව අවශ්‍ය කටයුතු හා යම් පියවරක් ගනිමින් තිබූ බවද  ආරක්ෂක ලේකම්වරයා කීය. රටපුරා වැදගත් ස්ථාන හා ආගමික ස්ථාන වලට අද දහවල් සිට දැඩි ආරක්ෂාවක් සැපයූ බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor