වහාම පැමිණ ලේ දන් දෙන්න – කාදිනල් මැල්කම් රංජිත් පියතුමා

බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූ ජනතාවට සඳහා ලේ අත්‍යවශ්‍ය හෙයින් වහාම පැමිණ ලේ ලබා දීමට පියවර ගන්නා මෙන් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ජනතාවට ආයාචනය කරනවා.

කාදිනල්තුමා වැඩි දුරටත් පවසන්නේ අද දිනය නිවාඩු දිනයක් වුවත් වහාම රෝහලට පැමිණ රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් ඔවුන්ගේ ජීවිත බේරා දෙන මෙන් වෛද්‍යවරුන්ගෙන් කාදිනල්තුමා වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

මේ අතර මඩකළපුව රෝහල සතුව ලේ හිඟයක් පවතින බවත් වහාම පැමිණ ලේ දන්වීමට පියවර ගන්නා ලෙස මඩකළපුව රෝහල ඉල්ලා සිටිනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජාතික ලේ දන්දීමේ සේවය පවසන්නේ පවතින රුධිර සංචිතය අඩු වී ඇති බැවින් මඩකළපුව, මීගමුව, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව සහ නාරාහේන්පිට ඇතුළු ස්ථානවලට පැමිණ ලේ දන්දීමට පියවර ගන්නා මෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

Recommended For You

About the Author: Editor