
කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට පියවර ගෙන තිබෙන බව කතානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පාර්ලිමේන්තුව විශේෂ සභා වාරයක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.