
අද රාත්‍රි 08.00 සිට 23 දා පෙ.ව 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කරයි. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.