
ඊයේ (21) රාත්රී 10.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයට යාබද ආඬිඅම්බලම මාර්ගයේ අඩි 6ක් දිග පීවීසී බටයක අටවා තිබූ බෝම්බයක් ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම බෝම්බය සොයා ගැනීමෙන් විනාඩි 10කට පමණ පසු ජනධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.
බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් එම බෝම්බය නිෂ්ක්රීය කර ඇත.