
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය වෙතින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු අද දින (අප්‍රේල් 22) නාවික හමුදාවට අයත් සාගර නෞකාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ පුද්ගලයින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට කටයුතු කෙරේ.