නළ ජලය සම්බන්ධයෙන් පැතිර යන කත කතා සම්පූර්ණයෙන් අසත්‍යයි – ජල මණ්ඩලය

කිරිබත්ගොඩ, ජාඇල, කැළණිය ආදි නොයෙක් ප‍්‍රදේශවලට සපයන පානීය ජලය සපයන ටැංකියට වස මිශ‍්‍ර කර ඇති බවට පොලීසියෙන් එම ප‍්‍රදේශවල ජනතාව දැනුවත් කර ඇති බවට පැතිර යන ආරංචිය සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මේ අතර අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ ජලය පානයට නුසුදුසු බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැති බව එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්ෂ මහතා ද අවධාරණය කරයි.

මේ අතර මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වෙමින් තිබෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය භාර ඇමැති රාවුෆ් හකීම් මහතා විසින් ද අදාළ පුවත් දැඩිව ප‍්‍රතික්ෂේප කළ අතර කටකතාවලට නොරැුවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

Recommended For You

About the Author: Editor