පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සුලමුල සොයන විශේෂ පරීක්ෂණ මණ්ඩලය පත් කරයි

පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.

ජීවිත විශාල ගණනක් විනාශ කරමින් ඊයේ සිදු වූ බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු මෙන් ම එහි පසුබිම මෙන් ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීම මෙම පරීක්ෂණ මණ්ඩලයේ වගකීම බව සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.

Recommended For You

About the Author: Editor