පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම භාර ගන්න කෙනෙක් නෑ

ඊයේ (21) කොළඹ ප‍්‍රධාන සංචාරක හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් කතෝලික බැතිමතුන් සහ විදේශ සංචාරකයින් වෙත එල්ල වූ ප‍්‍රහාර මාලාවේ වගකීම මේ දක්වා කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් භාර ගෙන නැති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙවැනි දැවැන්ත හා සංවිධානාත්මක ප‍්‍රහාරයක් එල්ල වූ වහාම එහි වගකීම කිසියම් ත‍්‍රස්තවාදී සංවිධානයක් හෝ අන්තවාදී සංවිධානයක් විසින් භාර ගන්නා නමුත් 290 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේ වගකීම කිසිවකු විසින් භාර නොගැනීම දේශපාලන හා ආරක්ෂක අංශවල අවධානයට ලක්ව ඇත.

මෙම ප‍්‍රහාරය ඉතා පැහැදිලිව ඉස්ලාම් අන්තවාදීන්ගේ සැලසුම් සහගත සංවිධානාත්මක ප‍්‍රහාරයක් බව පැහැදිලි සාක්ෂි ඇතැයි ආරක්ෂ අංශ සඳහන් කරන අතර ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ද මෙය ඉතාම පැහැදලිව ත‍්‍රස්වාදීන්ගේ සැලසුම් සහගත සංවිධානාත්මක ප‍්‍රහාරයක් බව සඳහන් කර ඇත.

මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවට අන්තවාදී ප‍්‍රහාරක් එල්ල වීමට වැඩි ඉඩක් පවතින බවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් දැනුම් දී තිබූ බවයි.

Recommended For You

About the Author: Editor