පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැක 24ක් අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයිින් 24 දෙනකු මේ වන විට රටේ විවිධ ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

අද උදෑසන දඹුල්ලේ ලැඟුම්හලක නවාතැන් ගෙන සිටියදී පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ ප‍්‍රහාරයට පැමිණි බවට සැකපිට වැල්ලවත්තේදී ඊයේ අත්අඩංගුවට ගත් වෑන් රථය පැමිණි බවට සැකකරන නිවසක් ද ඊයේ ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක් කළා. පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ පිහිටි මෙම නිවස රුපියල් 40,000ක මාසික කුලියකට ලබා ගෙන ඇත්තේ මීට මාස තුනකට පමණ බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ඔවුන් පසුගිය 20 වැනිදා මෙම නිවසේ පදිංචියට පැමිණි බව ද සොයා ගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ මෙම නිවස සෝදිසි කිරීමේදී යකඩබෝල සහ බැටරි සොයා ගත් බව පවසන ආරක්ෂක අංශ මෙම නිවසේ රැඳී සිටි බව කියන කාන්තාවක සහ ළමයෙකු ගැන සොයා බලන බව ද වාර්තා කරනවා. ෂැන්ග‍්‍රිලා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මෙම නිවසේ සිට පැමිණෙන්ට ඇතැයි ආරක්ෂ අංශ සැක කරනවා.

මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor