
පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම් පොළෙහි බිම වැටී තිබූ ඩෙටනේටර් 12ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද පස්වරු 1.00ට පමණ සොයා ගෙන ඇත.
වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී ප්රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.