
පාස්කු ඉරිදා (21) සිදු වූ ප්‍රහාරවලින් මියගිය විදේශිකයින් 09 දෙනකුගේ මළ සිරුරු හඳුනා ගත් බවත්, හඳුනා නොගත් විදේශීය මළ සිරුරු 25ක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවත් විදේ්ශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
තවත් විදේශිකයින් 09 දෙනකු අතුරුදන්ව සිටින බව ද එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.
මියගිය විදේශිකයින් (මළ සිරුරු හඳුනාගත්) අතර පෘතුග්‍රීසි ජාතිකයෙක්, ඉන්දීය ජාතිකයෙක්, තුර්කි ජාතිකයින් දෙදෙනෙක්, බි්රතාන්ය ජාතිකයින් තිදෙනෙක් සහ බි්රතාන්ය සහ ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයින් දෙදෙනෙක් සිටින බව ද එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට පිපිරීම්වලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන විදේශිකයින් සංඛ්‍යාව 19කි.