ෂැංග‍්‍රි-ලා ප‍්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ පළමු ධනවතාගේ දරුවන් තිදෙනාම මිය ගිහින්

පාස්කු ඉරිදා ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන ෂැංග‍්‍රි-ලා හෝටලයට එල්ල වූ ප‍්‍රහාරයෙන් ලොව ප‍්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ඩෙන්මාර්ක් ජාතික Anders Holch Povlsen, දරුවන් තිදෙනා මිය ගොස් ඇතැයි ඔහුගේ ප‍්‍රකාශකයෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඩෙන්මාර්කයේ අංක එකේ ධනවතා වන Anders Holch Povlsen, ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප‍්‍රමාණයක් හිමි පුද්ගලයා ද වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. ඔහුගේ දරුවන් තිදෙනා අවසන් වරට පිහිනුම් තටාකයක් අසල සිටගෙන සිටින අයුරු දැක්වෙන ඡයාරූපයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන බි‍්‍රතාන්‍ය ජාතික බෙන් නෙල්සන් මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මෙම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ඔහුගේ 11 හැවිරිදි පුත‍්‍රයාගේ සහ 42 හැවිදිරි බිරිඳගේ මළ සිරුරු මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඒවා අද කොළඹ කනත්තේදී මිහිදන් කිරීමට පියවර ගත්තා. එහෙත් ඔහුගේ කුඩා දියණියගේ මෘතදේහය මේ වන තෙක් හඳුනා ගැනීමට හැකි වී නැතැයි ද වාර්තා වෙනවා.

ශ‍්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදී සිටින බෙන් නෙල්සන් මහතා ශ‍්‍රී ලංකාව තුළ විශාල වශයෙන් සුභසාධන කටයුතු කළ අයෙකු වශයෙන් ද සැලකෙනවා

Recommended For You

About the Author: Editor